ගායනය: රූකාන්ත ගුණතිලක
දෙවි පිය සමිඳේනිරතුරු ඔබ මා සුරකින බව
මම අදහමි සමිඳේ...//
බලන්න නිල්වන් අහස් ගැබ දෙසා
කුරුළු කොබෙයියන් ඉගිලෙනවා
රැස් කරන්නෙ නෑ අටු කොටු වල උන්
රැකෙන්නෙ සමිඳුන්ගෙන් සැමදා
උදයට පිබිදී සවසට පරවන
පියුමට ලස්සන දෙන සමිඳා
රාජ කිරුළ හිමි නිඳු සළමොන්වත්
නැහැ සැරසුනෙ මේ කුසුම ලෙසා
නොවනු කනස්සලු හෙට ගැන අද දින
කුමක්ද ඇඟලා ගන්නෙ කියා
දෙවි පිය සමිඳෝ දනිති අවැසි දේ
අදහනු දෙවිඳුන් කෙරේ නොබා
කුරුළු කොබෙයියන් සුරකින සමිඳා
කුසුමට ලස්සන දෙන සමිඳා
සුරකිති ඔබ ඒ සැමට උසස් කර
එතුමන් දෑතෙහි ඔබ රන්දා
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 270
සෙවුම් පද: දෙවි, පිය, සමිඳේ, සමිදේ, devi, dewi, piya, samide, saminde, sinhala, hymns, geethika