පුදසුන අභියස මා | Pudasuna Abhiyasa Ma

පුදසුන අභියස මා
දෙනෙත් අයාගෙන
බලා සිටින්නේ
පිළිසරණයක් පතා...//

ඔබ පාමුල දැවටී - සරණ පතා ආවේ
මා අසරණ වූ මොහොතේ
අහිමි වේද ඔබගේ - කරුණා ගුණ මහිමේ
පව් පිරි හදට මගේ

ඉඩක් දෙන්න සමිඳේ - ඉන්නට ඔබ සෙවනේ
මගෙ දිවි ඇති සෑම දිනේ
වියැලුණු හදට මගේ - සිසිලස ඔබ සමිඳේ
අදහමි ඔබ සැම මොහොතේ


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.


කිතුනු ගී 2 අංක: 577
සෙවුම් පද: පුදසුන, අභියස, මා, pudasuna, abiyasa, ma, sinhala, hymns, geethika


පටුන