දුක් කරදර කුරුසිය | Duk Karadara Kurusiya

දුක් කරදර කුරුසිය මට එපා
කියා හඬා කෑ ගසන්න සිතුනා
කල්වාරියෙ කුරුසිය මට පෙණුනා
අයැදූ දේ නුසුදුසු බව හැඟුනා

ගොල්ගොතාව අපගේ දිවියේ
කුරිසියේ යාගික දිවි ගමනයි
රළු මග බාධක කටු කොහොලයි
සිත කැමතියි ගත දුබලයි

මරණය ජය ගත් කිතු සමිඳේ
පාපය පරදා එතෙර වුණේ
අප තාමත් පව් ඝණ අඳුරේ
එතෙර කරණු මැන අප සමිඳේ


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.




සෙවුම් පද: දුක් කරදර, කුරුසිය, කල්වාරිය, duk, karadara, kalvariya, sinhala, hymns, geethika

පටුන