සමිඳුන් මැව්ව දිනය අදයි | Samidun Meuwa Dinaya

සමිඳුන් මැව්ව දිනය අදයි
අපි ප්‍රීතී වෙමු තුති ගීතිකා ගයමින්...//

සතුටද කඳුලද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
මේ සැම දෙයක්ම අපට කියන්නේ
සමිඳුන් අප සමඟයි

අඳුරද එලියද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
සැපතද විපතද අපට ලැබෙන්නේ‍
සමිඳුන් ගෙන්මයි‍

ජයද පැරදුමද අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
මේ සැම තුලින්ම අපට පෙනෙන්නේ
සමිඳුන් ආදරයයි

සුවසහනය නිති අපට ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි
තිර ඇදහිල්ලට සවිය ලැබෙන්නේ
සමිඳුන් ගෙන්මයි


ගීතිකාවට සවන්දෙන්න






ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.





කිතුනු ගී 2 අංක: 501
සෙවුම් පද: සමිඳුන්, මැව්ව, දිනය, අදයි, samidun, mawwa, dinaya, sinhala, hymns, geethika

පටුන