මා ඔබෙන් ඈත් කරන්න | Ma Oben Aath Karanna

මා ඔබෙන් ඈත් කරන්න
ලෝකයා සැරසෙතී...//
ජේසුනි මට ඔබෙන්
ඈත් වන්න ඉඩ ලැබෙන්නේ නෑ...//

ඔබ පසුපස එනවිට කරදර වැඩිවෙන්නේ
ලොවේ චෝදනා ගැරහුම් ගලා ඇදෙන්නේ...//
කුරුසිය බර දිවියට තව තව වැඩිවෙන්නේ
සතුටින් එය කරට ගන්න සවිය දුන මැනේ

වැටුනු කෙනෙක් නැගිටුවන්න අත දුන් විටදි
රැවුම් බැනුම් ගෙරවුම් පසුපසින් ලුහුබඳී //
හොඳ නොදකින නපුර දකින ඇස් දහස් ඇතී
මේ සැම දේ ඔබ ඉවසුවා නේද ජේසුනී

සැපතෙ රැඳී විපතෙදි හැර යන මිතුරො වෙතී
සදා වෙනස් නොවන මිතුරා ඔබයි ජේසුනී...//
මගේ හෙට දිනය බාරයි ඔබට ජේසුනි
තනිකරන්න එපා මාව මේ දිවි ගමනේ...///


ගීතිකාවට සවන්දෙන්න


ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.





සෙවුම් පද: මා, ඔබෙන්, ඈත්කරන්න, ma, oben, aathkaranna, sinhala, hymns, geethika

පටුන