ඔබ හට ප්‍රසන්න | Oba Hata Prasanna

ඔබ හට ප්‍රසන්න දරුවක් වන්නට
සමිඳුනි මා හට දිරි දෙන්න...//
සමිඳේ... සමිඳේ...
මා හට මාවත පෙන්වන්න...//

මේ සමාජය හරි නපුරුයි
නපුරා අප පසුපස එලවයි
එහෙත් සමි‍ඳෙ ඔබ මා සමඟයි
බිය සැක නෑ ඔබ මට සවියයි

ආශා මිරිඟුව මා වටලයි
පාපය වෙත මා නිති කැඳවයි
එහෙත් සමිඳේ ඔබ මා අසලයි
සැම නපුරෙන් ඔබ මා මුදවයි


ගීතිකාවට සවන්දෙන්න






ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.





සෙවුම් පද: ඔබහට, ප්‍රසන්න, දරුවක්, oba, prasanna, daruwek, sinhala, hymns, geethika

පටුන