ඔබ මගෙ රැකවරණය වේ
ගැළවුම් මාර්ගය සත්‍යය ඔබමයි
සැබවයි සමිඳේ සැබවයි
ආවේ ජීවනයම දෙන්නයි වැඩි වැඩියෙන් දෙන්නයි
සැමකල දිරිදෙන ඔබ බලයයි මගෙ දිවි ඔබ නතුවෙයි
ඔබ ඇති අය වෙත ජීවනයයි නැති අය වෙත මරණේ
නොබියව නොසැලී සිටිනට සැම කල්
කැඳවනු මගෙ නම කියලා
ජලයේ මැදිනා යන කලටා ඇත මට ඔබ පිහිටා
මැදිනා යන කල මහ ගංඟා නොගලයි මා උඩිනා
ගිනි මැද යන කල මා නොදැවේ ගිනි දැල් නොම ඇවිලේ
ඔබ මගෙ දෙවි වේ බිය සැක නොදැනේ
තුති වේ සමිඳේ තුති වේ
සව්ලෝ සතුනට සෙත දෙන්නයි කිතු සිත පතුරන්නයි
ජීවන ජලයෙන් නහවන්නයි රැකවරණය දෙන්නයි
ගැළවුම් මාර්ගය සලසන්නයි පිළිතුර ඔබ වෙන්නයි
ම'පැතුම එය වේ ඔබ ඉටු දෙවි වේ
තුති වේ සමිඳේ තුති වේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

කිතුනු ගී අංක: 170
සෙවුම් පද: මගෙ, ජීවනයම, ඔබ, mage, jeevanayama, jeewanayama, oba, sinhala, hymns, geethika