හදවිලේ පිපි කුසුම් පුදනෙමු
හද ගැබින් නිති මගේ මුදු හඬක් මිමිණුවා
ඔබෙ හඬයි ඔබෙ හඬයි සමිදුනේ
මා සවන් ඇමතුවේ...//
ඔබ දෙපා පිළිකුලින් හැරදමා
සුව යහන් සැප සෙවූ පෙර දිනේ
හද ගැබින් නිති මගේ මුදු හඬක් මිමිණුවා
ඔබෙ හඬයි ඔබෙ හඬයි සමිදුනේ
මා සවන් ඇමතුවේ...//
ඔබෙ ලොවින් තොර ලොවක් මගෙ වුණේ
ඒ ලොවින් නැත සෙතක් සැලසුනේ
ඇදහිල්ල හැරදමා මා නොමග ගිය දිනේ
ඔබෙ හඬයි ඔබෙ හඬයි සමිදුනේ
මා සවන් ඇමතුවේ...//
ගීතිකාවට සවන්දෙන්න
සෙවුම් පද: සමිඳුනේ, සමිදුනේ, සමිදුනී, සිරි, පතුල්, samidunee, siri, pathul, sinhala, hymns, geethika