ජීවිතේ මට දුන්නු | Jeewithe Mata Dunnu

ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ
මගේ පණ නල ඔබ අතේ රැදුනේ...//
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා...//

සතුරු අනතුරු මා වටේ එන්නේ
රුදුරු බියකරු සතුන් විලසින්නේ...//
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා...//

හිරු උදා වී දවස ඇරඹෙන්නේ
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ...//
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා...//

අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ...//
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා...//


ගීතිකාවට සවන්දෙන්න


ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.


කිතුනු ගී අංක: 100
සෙවුම් පද: ජීවිතේ, මට, දුන්නු, දෙවිතුමනේ, jeevith, jeewithe, mata, dunnu, devi, thumane, sinhala, hymns, geethika

පටුන