මා බලවත් කරනා සමිඳාණන් තුල
සියල්ල කළ හැකි වේ
සියල්ල කළ හැකි වේ...//
නැත මා සිතේ සැකයක් බියක්
සමිඳෝ බලවතාණෝ...//
රැකගන්න මා සමිඳේ
ගෙවෙනා සෑම මොහොතේ...//
පිසදා කඳුළු සනසා අපව
මුදවා සෑම නපුරෙන්...//
සමිඳා ඔබයි නිබඳේ
තුති වේ ප්‍රශංසා වේ...//
ගිනි දැල් හදේ සුසුමන් සිතේ
නිවනා සමිඳු ඔබ වේ...//
ඉඩ දෙන්න මට සමිඳේ
රැඳවෙන්න ඔබ සුරතේ...//
දිළිඳුන් අතර දිළිඳෙක් විලස
වැඩියේ ඔබයි සමිඳේ...//
කල්වාරි කඳු මුදුනේ
ගැලවීම දුන් රජීඳේ...//
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී 2 අංක: 546
සෙවුම් පද: මා, බලවත්, කරනා, ma, balawath, balavath, karana, sinhala, hymns, geethika