සම්මතය හැර දැමූ ලඳ ඔබයි
අසම්මත වූ දේව සැලසුම
වටහා ගත් කන්‍යා
තැනට බලයට දාසියක් නොවී
එසේ සැමගෙන් දෙව්බවින් පිරී
අළුත් මැවිල්ලක කැඩපත වූ
විශ්වයෙ මව අම්මා
අම්මා අම්මා විශ්වයෙ මව අම්මා
කැපවී වැයවී දෙව් කැමැත්ත සොයා
වචනය තෙම වූ සත්‍ය කුස දැරුවා
කඩු හතකින් හද සිදුරු කරන්නට
ඉඩ දුන් ලඳ අම්මා
අම්මා අම්මා ඉඩ දුන් ලඳ අම්මා
මරිමව් විලසින් සුදතුන් මග සොයමු
දෙව් කැමත්තට සැමවිට හිස නමමු
ඔබ ගිය මඟ අප මඟවෙන දවසේ
අපිත් ඔබේ දරුවෝ
අම්මා අම්මා ඔබයි අපේ අම්මා
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: වචනයේ, දාසියයි, මරි මවේ, wachanye, dasiyai, mari mawe, sinhala, hymns, geethika