මගේ දිවියේ පිළිතුරයි ඔබ
ප්‍රශ්නයයි ඔබ පිළිතුරයි ඔබ
සමිඳුනේ...//
දිනෙන් දින මා ඔබට ලං වෙද්දී
ප්‍රශ්න නෙක නෙක දවයි හද කළඹා
වෙනව යන්නට බෑ...//
පිළිතුරත් ඔබමයි සමිඳුනී
ප්‍රශ්නයත් ඔබමයි
හැඳින නොහැඳින සේ සිටින්නට බෑ
දැක නොදැක විලසේ සිටින්නට බෑ
ඉඩ ලැබෙන්නේ නෑ...//
මාර්ගය ඔබමයි සමිඳුනී
සත්‍යද ඔබමයි
අරුණ දකිනට පහන් වන්නේ නෑ
ඈත් වන්නට ඉඩ ලැබෙන්නේ නෑ
සියළු දේ හැරදා...//
ඔබට නතුවන්නම් සමිඳුනී
මම ඔබේ වන්නම්
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සමිඳුනි, ඔබ, ප්‍රශ්නයකි, මට, samiduni, oba, prashnayaki, mata, sinhala, hymns, geethika