ඔබ බලා සිටියා
කෙලෙස් බර මා ඉවත නොදමා
සිප වැලඳ ගත්තා
පියාණනි මා අසරණයි
අසරණයි අසරණයි
වන්න අනුකම්පා...//
සතුට සම්පත සොය සොයා
එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමණයි
මා වටහා ගත්තා
නෙතට කඳුළැලි මතුවුණේ
කුසට ගිනි දැනිලා
පියාණන් මගෙ සිතට නැගුනේ
දිළින්දෙක් වූ දා
මඟුල් බොදුනක් සැරසිලා
කිම අරුම නොදැනේ
පියාණනි ඔබ හැර දමාලා
යලිත් යන්නේ නෑ
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සිත, හැරී, එන, තුරා, පියාණනි, මා, අසරණයි, sitha, haree, ma, piyanani, asaranai, enathura, sinhala, hymns, geethika