සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
කඳුවැටි පීරා හමනා සුළඟේ
සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
ජය ශ්‍රී වේවා පැසසුම් වේවා
සමිඳේ ඔබ නිති සැරදේවා...//
ගලමින් බසිනා ගඟ දිය රැල්ලේ
සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
ගලපර පීරා හමනා ඇල්ලේ
සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
සුළඟින් සැලෙනා බර වී කරලේ
සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
දැල් ගොඩ ඇදෙනා ඒ සුදු වැල්ලේ
සමිඳුනි ඔබෙ පැසසුම් කියැවේ
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 83
සෙවුම් පද: ඈතික්, ඇසෙනා, athin, aathin, ethin, esena, asena, asenaa, esenaa, sinhala, hymns, geethika