මල් ඵල ඇති කරනා
සමිඳුනි ඔබටයි අප හද කුසුමන්
බැතියෙන් සුවඳ වෙනා
ජීවිත ආකරයේ හැකියා මිණි මුතු වේ...//
මතුකොට ඔපලා ඔබ මඟ ගෙන එමු
ලොව දියුණුව සපුරා
ලෝ උයනේ මනරම් රස ඇත නෙක විලසින්...//
විහඟු කැලක් මෙන් ඔබ පසුපස එමු
විමුක්ති පහස ලබා
ලෙඩ දුක් කටු ඇණුනත් පැරදුමෙ ගලෙ හැපුනත්...//
කඳුලැලි අතරින් ඔබ හා හිනැහෙමු
ජීවිත සතුට ලබා
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 264
සෙවුම් පද: අප, දිවි, දෙරණට, දෙරනට, apa, divi, diwi, deranata, sinhala, hymns, geethika