හිරු පායන විට | Hiru Paayana Vita

හිරු පායන විට හිරු සමඟින් නමදින්නම්
සඳු පායන විට සඳු සමඟින් නමදින්නම්
සිතේ අගුණ දුරු කරන් ඇවිත් නමදින්නම්
හිරුත් සඳුත් නැති වුණත් ලොවේ නමදින්නම්

දුක දැනෙනා කල දුක සමඟින් නමදින්නම්
සැප විඳිනා කල සැප සමඟින් නමදින්නම්
ගතේ දුබලකම් අරන් ඇවිත් නමදින්නම්
දුකයි සැපයි පිරි මිනිස් ලොවේ නමදින්නම්

ගී ගයනා විට ගී සමඟින් නමදින්නම්
වෙණ වයනා කල වෙණ සමඟින් නමදින්නම්
සමිඳු විමානේ ලැගුම් අරන් නමදින්නම්
නැටුම් ගැයුම් ගෙන බැතින් පිරී නමදින්නම්


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 21


සෙවුම් පද: හිරු, ඉර, පායන, විට, ira, payana, paayana, vita, wita, sinhala, hymns, geethika

පටුන