මා ලෙඩ වූ විට නිදි මරමින් ලඟ ඉන්නා
මගේ විපතෙදී මා අත් නොහරිනා
අනේ සමඳුනේ මගෙ අම්මා රැකදේවා...//
දහඩිය හෙළලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිඳුනේ මගෙ තාත්තා රැකදේවා...//
සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
විඳ නිම නොවෙනා සැපත ලබන්නටා
අනේ සමිඳුනේ මගෙ මව්පියො රැකදේවා...//
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 465
සෙවුම් පද: හිරු, ලේ, ලෙ, කිරි, කරලා, කරල, le, lei, kiri, karala, karalaa, sinhala, hymns, geethika