දෙන්නට ලෝකෙ පුරා
සමිඳුනි මා ඔබගේ දෑතේ
ආයුධයක් වේවා
වෛරය අසමඟි තැන් සොයලා
ප්‍රේමය සමඟිය එහි යොදලා
විශ්වාසය මඳ තැන් සොයලා
බලාපොරොත්තුව ඇති කරමු
ශෝකය ඇති තැන සැනසුම ලා
අඳුරු තැනට ආලෝකය ලා
සොවින් පිරුණු තැන් මකා දමා
සොම්නස එහි අපි ඇති කරමු
සැනසුම අප පතනවට වඩා
අනුන්ව නිතරම සනසවලා
තේරුම් ගනු ලබනවට වඩා
තේරුම් ගනිමින් දිවි ගෙවමු
සැම අය හට අප බෙදන ලෙසේ
අපට ද එලෙසම ලැබෙනවනේ
මරණින් මතු අප ජීවිතයේ
අප දිවි ගෙවනෙමු ලකුණක් සේ
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 178
සෙවුම් පද: සාමයෙ, මිහිර, බෙදා, samaye, mihira, beda, sinhala, hymns, geethika