හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා | Himidiri Yame

ගායනය: රූකාන්ත ගුණතිලක

හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා
සමිඳුගෙ මුහුණේ හසරැල් මතු වෙනවා
ආදරේ නමින් ජීවිතේ පුදා
එදත් අදත් හෙටත් හිනාවෙලා

ජේසුනී මේ ඔබද
ජේසුනී මා ඔබෙද
කියන්න ජේසුනී කියන්න ජේසුනී
කියන්න ජේසුනී මා ඔබෙද

ගිනි මද්දහනේ තණපත් මැලැවෙනවා
දස දහසක් පව් මාගෙන් සිදුවෙනවා
ආදරේ නමින් පව් කමා වෙලා
රත්තරං හදක් මටත් දෙන්න

නිසසල රැයෙහී ඔබව මතක්වෙනවා
කළ පව් සිහි වී මගෙ හිත කකියනවා
ආදරේ නමින් සුසුම් මකා හදේ
ආදරේ මටත් කියා දෙන්න


ගීතිකාවට සවන්දෙන්න

ගීතිකාව බාගත කරගන්න


සෙවුම් පද: හිමිදිරි, යාමේ, පිණි, පිනි, කැට, himidiri, yame, pini keta, keta, sinhala, hymns, geethika

පටුන