අම්මා පුදන්නයි | Amma Pudannai

අම්මා පුදන්නයි දරු අප එන්නේ

ලස්සන තුරු ලිය පවනෙ ලෙලෙන්නේ
සැම දෙස කුසුමින් හිනැහි බලන්නේ
දරු කැළ මල් ගෙන මව වෙතැ එන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

මඳ නල දස අත ගත පිනවන්නේ
අම්මගෙ ආදරෙ අපට කියන්නේ
දරු කැළ බැතියෙන් හද ඔසවන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුසුදු නිමල මව් සරණෙ පතන්නේ
ඔබ දරු දැරියන් රකින්න පෙමිනේ
දින දින දෙව් පෙම වඩමින් සොඳිනේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුර මව් කුමරිය ආදර මව්නී
දරු කැළ වෙනුවෙන් යදින්නැ රැජිණී
ඔබ පුතු දින දුන් සගපුර පැමිණී
දෙවිඳු දකින්නයි දරු අප එන්නේ...//


ගීතිකාවට සවන්දෙන්න
||
ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 393


සෙවුම් පද: අම්මා, අම්ම, පුදන්නයි, Amma, Pudannai, lassana, thuruliya, turuliya, sinhala, hymns, geethika

පටුන