බෙත්ලෙම් පුරයේ | Bethlem Puraye

බෙත්ලෙම් පුරයේ සීතල රෑ යමේ හිම කඳු හෙල් අතරේ
කඳු හෙල් අතරේ එඞේරු මතිනේ රන් තරු බැබළෙන්නේ
සුරදුතු එන්නේ අහස දිලෙන්නේ එඞේරු කැළඹෙන්නේ
සාමයේ ගීතේ...// පිළි රැව්දේ

සුමඟුල් පුවතක් අප ගෙන එන්නේ
පුත් දෙවිඳුන් අද ඉපැදී ඉන්නේ
මහොතුම් දෙවිඳුන් මහිමය ඔබ වේ
දෙවි හද දිනුවෝ සාමෙ සදන්නෝ

නොබියව අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා
කිරකැටි කිතුඳුන් සංහිඳියාවේ දිවි පුර උපදින්නා
හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැතපෙන්නා
ගොසින් බලා වැඳ සාමේ ලොවට කියව්
සාමයේ ගීතේ...// පිළි රැව්දේ

සුපුවත පවසා සුරදුතු ලස්සන පැසසුම් ගී ගැයුවා
කඳු හෙල් අතරේ ඒ අනුසාරෙන් එඞේරු ගී ගැයුවා
යමු යමු අපි දැන් බෙත්ලෙහෙමට යමු දෙවි දුතු වදන ලෙසා
සාමයේ ගීතේ...// පිළි රැව්දේ

දෙවිඳුන් දිළිඳුව ගව ඔරුවේ ඇත සැතපී සැනහීලා
මරි මව ජොසපුන් සමඟින් ඔකඳින දරුසෙනෙහසෙ වෙලිලා
එඞේරු ඇසු දුටු හැමදේ පවසා හැමෝම මවිත කළා
සාමයේ ගීතේ...// පිළි රැව්දේ


ගීතිකාවට සවන්දෙන්න
||
ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 445


සෙවුම් පද: බෙත්ලෙම්, පුරයේ, bethlem, betlehem, puraye, sumagul, puwathak, puvatak, sinhala, hymns, geethika

පටුන