මලට බිඟු ඇදේ
එලෙස මහද සමිඳු දෙසට සැම වෙලේ ඇදේ...//
රුවට නෙත යතේ
සැපට සිත බැඳේ
එකම ලෙසම මගේ හදත් සුරිඳු වෙත ඇදේ...//
වතට වත දිදී
ආදරින් බැඳේ
එලෙස මා ද සමිඳු සමඟ ආදරින් බැඳේ...//
කිරට ලෙය හැරේ
ළඳරු කුස පිරේ
මෙලෙස සැමදා තැවෙන මහද සමිඳුගෙන් පිරේ...//
පෙමට පෙම බැඳේ
මවට දරු බැඳේ
සැබෑ ලෙසම දුබල මා ද සමිඳුනට බැඳේ...//
ළහිරු රැස් ලෙසේ
සගෙයි සැප පෙනේ
එසේ සමිඳු දැකුම මගේ එකම සැපත වේ...//
ගීතිකාවට සවන්දෙන්න
|

කිතුනු ගී අංක: 190
සෙවුම් පද: හදට, හද, ඇදේ, ඇඳේ, hadata, hada, ade, ede, ande, ende, sinhala, hymns, geethika