ඔබේ දෑතට තුරුළු වෙන්න
සුදු සළු කොණ අල්ලගන්න
මට හරි ආසයි...//
ජේසු අම්මෙ මේ අහන්න
ඔබෙ රසබර බස් අහන්න
ඔබෙ ඔවදන් පිළිපදින්න
මට හරි ආසයි...//
ජේසු අම්මේ මේ අහන්න
ඔබෙ රැකවරණය ලබන්න
ඔබේ උදව් පතා ඉන්න
මට හරි ආසයි //
ජේසු අම්මෙ මේ අහන්න
ඔබෙ අත ගෙන පියමනින්න
ජේසු ළඟට හෙමින් යන්න
මට හරි ආසයි...//
ජේසු අම්මෙ මේ අහන්න
සුර පුර වෙත ළඟා වෙන්න
සුර සැප මේ යයි දකින්න
මට හරි ආසයි...//
ගීතිකාවට සවන්දෙන්න
|

කිතුනු ගී අංක:396
සෙවුම් පද: ජේසු, ජෙසු, අම්මේ, අම්මෙ, jesu, amme, me, ahanna, sinhala, hymns, geethika