ජේසුනි ඔබ වේ සුව දෙන්නා ‍‍| Jesuni Oba Ve

ජේසුනි ඔබ වේ සුව දෙන්නා
ජේසුනි ඔබ වේ සනසන්නා
ජේසුනි ඔබ වේ ගලවන්නා
ජේසුනි ඔබ වේ දෙවි උතුමා

සමෙරියා ළිඳ ලඟ සිටි ලඳ දැකලා
බොන්නට ඉල්ලුවේ ඔබ නොවෙදෝ
ජීවන ජලයෙන් ඈ පුරවාලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ

බේබදු සොයුරා පාරේ වැතිරී
මා දෙස බැලුවේ පිහිට පතා
ඔහු හට සහනය දෙන්නට බැරි වුනෙ
ඔබ හඳුනන්නේ නැති නිසදෝ

ජෙරිකෝ යන මඟ සිටි අඳ මිනිසා
මොරගා ඉල්ලුවෙ ඔබෙ කරුණා
නෙත් මත අත ලා ඔහු සුව කරලා
යන්නට හැරියේ ඔබ නොවෙදො

ජිවිතාලෝකය ලැබුමට කැමති ව
සොයුරා සිටියේ ඇත්ත සොයා
ඔහුගේ කටහඬ ඇසුනේ නෑ මට
ඔබ හඳුනන්නේ නැති නිසදෝ

සිමියොන් නිවසෙහි පා ළඟ සිටි කත
අඬමින් ඉල්ලුවෙ පාප කමා
ප්‍රේමය වැඩියෙන් පෙන් වු ඈ හට
ගැලවුම දුන්නෙ ඔබ නොවෙදෝ


ගීතිකාවට සවන්දෙන්න
||
ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 192


සෙවුම් පද: ජේසුනි, ජෙසුනි, ඔබ, වේ, වෙ, සුව, දෙන්නා, jesuni, jesunee, oba, we, ve, suwa, suva, denna, dennaa, sinhala, hymns, geethika

පටුන