දයාබර මවේ
දුබල අපට සෑමදා
සරණ වන මවේ
මවක ලෙසින් දරු අපගේ අවැසි තා බලා
ඒ සැම අපට නිති ලැබ දෙන දයාබර මවේ...//
බැගෑ ලෙසින් අප වෙනුවෙන් දෙව් තුම හමුවේ
මැදහත් වන අප ආදර දයාබර මවේ...//
කරුණාබර ඔබ දෙනෙත ම අප වෙත යොමවා
අප දුක සැප බලන අපේ දයාබර මවේ...//
නිති සරණය දෙන අප හට දයාබර මවේ
ඔබ සළු සෙවණට දිව එමු දයාබර මවේ...//
ගීතිකාවට සවන්දෙන්න
|
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 391
සෙවුම් පද: මරිය, රැජිණියේ, රැජිනියේ, රැජිනියෙ, රැජිණියෙ, mariya, rajiniye, rejiniye, raginiye, reginiye, ma, sinhala, hymns, geethika