මගෙ අත ගෙන මඟ පෙන්නුවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එව්වා
සමිඳේ...// මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ...// මා දිවිය සවිය ඔබ වේ
තණ්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්නුවා
ජිවිත අරමුණ නොපෙනී යන විට
එළිය දෙවන ඔසුවක් වූවා
සමිඳේ...// මා සැපත සතුට ඔබ වේ
සමිඳේ...// මා දිව්ය ඔසුව ඔබ වේ
නැතිබැරි කම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වූවා
මිතුරන් මා අත්හැර තනි කළ විට
ඔබ මා ළඟ සිට සැනසූවා
සමිඳේ...// මා සරණ සදා ඔබ වේ
සමිඳේ...// මා නිති සැනසුම ඔබ වේ
සමිඳේ...// මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ...// දිව්ය ඔසුව ඔබ වේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 250
සෙවුම් පද: වැටි, මා, යලි, vati, veti, ma, maa, yali, sinhala, hymns, geethika