සාගර පතුලේ ගිලිලා සිටියා
පවනේ මුදුනේ පියඹා සිටියා
එතෙකුත් මෙතෙකුත් මා ළඟ සිටියා
දෙකොපුල් අතරේ රූරා ගලනා
කඳුළු වේදනා දෙනුවන් පෙලුවා
නෙතු පියන් සලා අවදිව බැලුවා
සමිඳුනි නැවතත් ඔව් ඔබ නැවතත්
ළඟ සිටියා ඔබ මා ළඟ සිටියා
ආශා දහසක් පසුපස ඇදුනා
ආ ගිය පාරේ තනීවී හැඬුවා
අඳුරේ නැවතත් සුවයක් පැතුවා
සමිඳුනි නැවතත් ඔව් ඔබ නැවතත්
ළඟ සිටියා ඔබ මා ළඟ සිටියා
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: කඳු, කදු, හෙල්, හෙළ්, අතරේ, kandu, kadu, hel, atare, athare, siravee, sinhala, hymns, geethika