පිපස නිවා ගන්න | Pipasa Niva Ganna

පිපස නිවා ගන්න අපට ඔබේ ලෙය ලැබේ
හදට අහර ලෙස අගනා සිරුර’පට ලැබේ
සවස දිවා රැයේ තිබෙන පූපේ සුදු ඔබේ
එළිය ලොවට බෙදන ලෙසට යදියි අද සබේ

සුරිඳු දෙවිඳුනි
තිලෝ රජිඳුනි
පෙමක මහිමෙනී
අපට ඔබ දුනී

නිවන ගන්න ලෙස ඔබ පැමිණුනු විට හදට
දවන හදේ පෙම් ගිනි නොහැකිය නිවන්නට
කවන අහර දුබල දනට නිතර ලබනට
පවන දිගේ එවනු සවිය නපුරෙ සටනට

නිවස ඔබේ රුවට පෙනේ මිනිස’ප අතරේ
දවස අපේ ඔබ ලැබුනින් ආසිරින් පිරේ
පහස දැනේ සතුට ලැබේ ඔබතුම ඇසුරේ
විගස අනේ සරණේ ඔබේ දෙන්න අප කෙරේ

ඔබට එක්ව සදා සැපත ලබා ගනිමිනා
සතුට මුසු ව හද තුළ ඔබ ලබා නිති දිනා
සැමට ඔබේ දෙව් විමනේ සැපත පතමිනා
එන්ට පිහිට සුහද සමිඳ දනට සැම දිනා

ගීතිකාවට සවන්දෙන්න
||
ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 169


සෙවුම් පද: පිපස, නිවා, ගන්න, Pipasa, Niva, Ganna, sinhala, hymns, geethika

පටුන