බෙත්ලෙහෙමේ අද රෑ | Bethleheme Ada Raa

ගායනය: අයිවෝ ඩෙනිස්

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළි‍ඳෙක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...//

තරුවක් බබළයි පුන් සඳක් සේ
රන්වන් රැය අරුණක් වැනියි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනියි

ලස්සන මවගේ ඇස් වගේය
බිළිඳා නැලවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස් වී බබළන මේ රැයේ


ගීතිකාවට සවන්දෙන්න


ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 439


සෙවුම් පද: බෙත්ලෙහෙමෙ, බෙ‍ත්ලෙහෙමේ, අද, රූ, රෑ, bethleheme, betleheme, ada, ra, raa, re, rea, sinhala, hymns, geethika

පටුන