සුප්‍රසිද්ධ Silent Night ගීතාකාවේ සිංහල පද බැඳුම
ගායනය: මරියසෙල් ගුණතිලක
නිසසල ඒ මිහිරි රැයේ
රස වෑහේ මුතු පැහැයේ
අහස පුරා තරු එළිය දිලේ
පොළව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී...//
මව් කැකුළේ රන් උකුලේ
පුත බැබළේ ගොපළු පැලේ
මෙලොව මුදාලන දෙව් බිළිඳා
සිටිනු පෙනේ පොඩි අත් විහිදා
බෙත්ලෙහෙමේ බිහිවී...//
රෑ අඳුරේ ගෝ මැදුරේ
සිරිය පිරේ කඳු අතරේ
මංගල මිහිරක රැව් පැතිරේ
ගී ගඟුළැල්ලක දිය ඉතිරේ
පුත් රුවනක් බිහි වී...//
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 444
සෙවුම් පද: නිසසල, නිසසළ, ඒ, එ, nisasala, nisasala, a, ea, ee, silent, night, sinhala, hymns, geethika