රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ...//
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ
සීත සුළං එනවා
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැලෙනවා
හිම මත හිම වාගේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 430
සෙවුම් පද: රෑ, රූ, රැ, තරු, බබලනවා, re, ra, raa, tharu, taru, babalanawa, babalanava, sinhala, hymns, geethika