සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ...//
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගේ...//
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා
දින දින වැහිකළු බරවෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
වැහිබර උඳුවපයේ...//
අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ
ගීතිකාවට සවන්දෙන්න
ගායනය: ලතා වල්පොල
ගීතිකාව බාගත කරගන්න

ගායනය: ලතා වල්පොල

ගායනය: ග්‍රේෂන් ආනන්ද
කිතුනු ගී අංක: 432
සෙවුම් පද: සීනු, සිනු, හඩින්, හඬින්, ලොව, seenu, sinu, hadin, handin, lowa, lova, pibidenawa, sinhala, hymns, geethika