සීත සුළං ගත දැවටී හමන කලේයා
හදවත් සැනසුම් රැසකින් පිරෙන කලේයා
සාම කුමරු ගුණ සැමරුම් ගැයෙන කලේයා
නත්තල අරුතක් ගන්නට සොයන කලේයා
නත්තලේ නත්තලේ මිහිරි නත්තලේ
ඇයි තනා වෙන් කළේ සොයුරු මිහිතලේ
එක්වෙලා රොක්වෙලා දෑත් එක්වෙලා
එවන් නත්තලයි අපිව අරුත්බර කළේ
කළු සුදු කුල ජාති භේද නොවෙන කලේයා
මව්බිම නොකඩා මිතුරන් බැඳෙන කලේයා
උතුර දකුණ එක් වී ගී ගැයෙන කලේයා
මිනිසුන් මිනිසත් බව නිති දකින කලේයා
අසත්‍යයේ මායා තුරු කැඩෙන කලේයා
සත්‍ය සොයා මිනිසුන් පා නගන කලේයා
යුක්තිය දැහැමෙන් ලොව ගොඩ නැගෙන කලේයා
කිතුනු කමට ලොව තුල ඉඩ ලැබෙන කලේයා
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: සීත, සිත, සුළං, සුලං, සුළන්, සුලන්, ගත, දැවටි, seetha, sitha, seeta, sita, sulan, gatha, gata, dewati, dawati, sinhala, hymns, geethika