තරු ගොඩක් | Tharu Godak

ගායනය: චන්දන ලියනාරච්චි

තරු ගොඩක් එකට බැඳුනා
තව රැයක් පහන් කෙරුවා...//
පුතෙක් උපන් බව කියන්නදෝ තරු
හෙමින් හෙමින් දිලුනා...//

පිනි පොදක් පොදක වැදුනා
පොඩි ගඟක් හැදී ගැලුවා...//
පුතෙක් උපන් බව කියන්නදෝ ගඟ
හෙමින් හෙ‍මින් ඇදුනා...//

ගී හඬක් ලොවම පුබුදා
සුරලියන් ගයනු ඇසුනා...//
පුතෙක් උපන් බව කියන්නදෝ හඬ
හෙමින් හෙමින් නැඟුනා...//


ගීතිකාවට සවන්දෙන්න


ගීතිකාව බාගත කරගන්න


කිතුනු ගී අංක: 442


සෙවුම් පද: තරු, ගොඩක්, tharu, taru, godak,ekata beduna, benduna, sinhala, hymns, geethika

පටුන