පවු මග හැරලා යහ මඟ යන්නට
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මරණෙට පවරන ලද ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය කර පිට ගත් ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
බිම වැතිරී දුක් විඳි ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ඔබ මව හද තුළ දිළි ගිනි සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මගෙ ගැලවුම ඔබ වෙත බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ලේ තැවරුණු ඔබෙ සිරි මුව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය බර මගෙ පවු බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ඔබෙ කරුණා පිරි සිරි හද සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය යට පොඩි වුණු බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
විලි නැති පවු මා කළ බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසියෙ ඇණ ගැසි සිටි බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මා මුදනුව පණ දුන් ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මළ කඳ දැක මව විඳි දුක සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මගෙ හද තුළ වැඩ රජ වුව මැන ඔබ
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
කිතුනු ගී අංක: 361
.