මිනිසුනි දැන් එක් වී
කුරුසියෙ දුක් විඳි ජේසුගෙ මරණෙට
වගකිව යුත්තෙ අපි
නෙතඟින් හැළුවත් කඳුළැලි ගංඟා
කිසිදා පලක් නැතී
ජීවය දෙන්නේ නැත්නම් ජේසුට
මිතුරනි මෙදා අපි
වික්ෂෝපෙන් ඇයි හෙළන්නෙ කඳුළැලි
දැක ශ්‍රී වත මඬල
දහසක් දනන්ගෙ නෙතඟින් හැළෙනා
නොදුටිද ලේ කඳුළ
පුදුමෙන් ඇයි ඔබ දැක ජේසුගෙ ශ්‍රී
සිරසේ කටු කිරුළ
දහසක් දනන්ගෙ හිස මත නොදුටිද
ඇවිලෙන ගිනිදැල්ල
සිහිවෙනවද එතුමා කළු පොරවා
ගත්තම අළු තවරා
නිරුවත් වී ඉන්නා සඳ දහසක්
දරුවන් ලොවම පුරා
සැනසෙන්නද ඔබ සිතුවේ සොහොයුර
එක් වරු සිල් රැකලා
තිත්ත කාඩිවත් නොමැතිව නොදුටිද
මියෙනා දෙවිඳු දනා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.