ජේසුනී ඔබ කපාල කඳු මුදුනේ | Jesuni Oba Kapaala Kandu Mudune

ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමා

ජේසුනී ඔබ කපාල කඳු මුදුනේ
කුරුස ගතවී සිටි ඒ දවසේ
ඔබ මුළු සිරුරෙන් වැගිරුණු ශ්‍රී ලේ
අද ද පිදෙන බව අදහමි මගෙ සමි‍‍ඳේ

දෑතෙන් දෙපයෙන් ඇලයෙන් මුළු සිරුරෙන්
ගලා වැගිරෙන ඔබ ශ්‍රී ලේ දහරින්
නැහැවෙන මා ඔබේ කරුණාව නිසා
මා සුවපත් වන බව අදහමි සමි‍ඳේ

සකල දනන් හා පාපිවූ මා වෙනුවෙන්
වැගිරී පිදෙනා ඔබ ශ්‍රී ලේ දහරින්
කරුසිය පාමුල තැවෙනා මා හට
ගැලවුම තිර බව මම අදහමි සමි‍ඳේ



අසන්න | Listen


බාගන්න | Download


නිහිත කේතය | Embed Code


.

පටුන