කයදුෂ්කාර ප්‍රාර්ථනාව | Kayadushkaara Praarthanawa

සර්වදයාබරවූ ජේසුනී
පාපීවූ අපට දයාවෙනවා සො‍ඳේ

දයාවෙනවා සො‍ඳේ ස්වාමී
දයාවෙනවා සො‍ඳේ

අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර
නීච මනුෂ්‍ය කය දරා
පොළවේ උපන්නේ
මගේ දයාබරවූ ජේසුනී

ඉගැන්වූ ගෝලයා සදිකරමින්
ගැතිවූ ජුදයෝ සතුරුවෙමින්
දිව්‍යා කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ
මගේ දයාබරවූ ජේසුනී

අපරාධ අයමෙන් සිරවෙමින්
ශ්‍රී හස්තවලෙහි බැමිලවා ගනිමින්
බැටළු පැටවකු මෙන් බිල්ලට වැඩියේ
මගේ දයා බරවූ ජේසුනී

අණඩු ගුරු සභාවට යටත් වෙමින්
බොරු සාක්ෂි වැරදි අසමින්
දේව අපරාධකාරයා යයි කියන ලද්දේ
මගේ දයාබරවූ ජේසුනී

ශ්‍රී වත මඬල පහර ගසමින්
ශ්‍රී නේත්‍ර රෙදි වසමින්
වද පරුෂ කරන ලද්දේ
මගේ දයාබරවූ ජේසුනී

පිලාත්තු රජුගේ නඩුවට පැමිණෙමින්
ගල් කණුවේ බැඳුම් කමින්
ලේ සාගරකොට කස පහරවල් වින්‍‍ඳේ
මගේ දයාබරවූ ජේසුනී

ශ්‍රී සිරසේ කටු ඔටුන්න දරා
රතු ජගලාත්තුව අඟ පොරවා
කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ
මගේ දයාබරවූ ජේසුනී

බරවූ කුරුසේ කර තබමින්
උසස්වූ කපාල සෙල් නගිමින්
වසක් කේඩුවෙන් වැටුනේ
මගේ දයාබරවූ ජේසුනී

ශ්‍රී මේල සළු ගලවා
සර්වාංග ලේ වන පහදවා
දිව්‍යා රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ
මගේ දයාබරවූ ජේසුනී

කුරුසේ පිට බාවමින්
ශ්‍රී හස්ත පාද ඇණ ගසමින්
සර්වාංග වදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ
මගේ දයාබරවූ ජේසුනී

කුරුසේ ඉඳ උපදෙස් වදාරා
සතුරන්ට ක්ෂමාවී වදාරා
සියල්ලන්ට දයා පෑ වදාළේ
මගේ දයාබරවූ ජේසුනී

එතෙක් කොට සියලු සික්ෂා විඳලා
නිමක් නොකොට සියලු යහපත්කම් පාලා
මරණාසන්න වුණේ
මගේ දයාබරවූ ජේසුනී

දිව්‍ය මුහුණ කමල මැලවෙමින්
දිව්‍ය නේත්‍ර වසා හෙලමින්
දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත්වුණේ
මගේ දයාබරවූ ජේසුනී

මා නිසා මේ සියලු දුක් විඳ
මගේ පව් නිසා අච්චුවිඳ
මාගේ ප්‍රාණය නිසා ඔබ ප්‍රාණය දුන්නේ
මගේ දයාබරවූ ජේසුනී

මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී
මනස්ථාපයෙන් පැළී පොඩිවී
ඇසින් කඳුළු ධාරාකොට අඬා ඉන්නා
මට දයා වෙනවා සො‍ඳේ


අසන්න | Listen


බාගන්න | Download


නිහිත කේතය | Embed Code


.

පටුන