සඳ පහනේ පිපි වැටකෙයි මල සේ
සුවඳ දිදී තිබිලා
සඳ පහනේ පිපි මානෙල් මල සේ
රුවට රුවේ තිබිලා
සඳ පහනේ කිරි මුහුද වගේ අහො
සුදට සුදේ තිබිලා
ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ
මුහුණ ලෙයින් වැසිලා
හිරු පහනේ පිපි රත් මල් වාගේ
රතට රතේ තැලිලා
හිරු පහනේ පිපි කටරොලු වාගේ
නිලට නිලේ තැලිලා
හිරු පහනේ පිපි මුරුත වගේ ඔබෙ
සිළුටු දෙතොල් පැලිලා
ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ
මුහුණ රතුයි තැලිලා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.